රජයට අයත් වනාන්තර තුළ වගාකර ඇති පයිනස් සහ ඉයුකැලිප්ටස් ශාක ඉවත් කර ඒ වෙනුවට ආදේශක වගාවන් වශයෙන් හොර, ගොරකා, වල්දෙල්, කොස්, බෙරලිය, රඹුටන්, පෙලන් යන ශාක වගා කිරීම අරඹා ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ජල උල්පත් සිඳීයාම වැනි පරිසරය හානි ගෙනදීම නිසා මේවනවිට මෙම වගාවන්වලින් හෙක්ටයාර් 400ක් පමණ ඉවත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයට අයත් වනාන්තර තුල පයිනස් අක්කර 39,440ක් (හෙක්ටයාර් 15,776) හා ඉයුකැලිප්ටස් අක්කර 45,640ක් (හෙක්ටයාර්18,256) වගාකර තිබෙන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.