විදේශ කටයුතු හා සුබ සාධන නව අධීක්ෂණ මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට රටවිරු සංවිධානය බාරදුන් බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඇයද රටවිරු පවුලකට අයත් අයෙකු බැවින් එම කාර්යය ඉතා හොඳින් කරනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය. ඒ සඳහා මාලනී ෆොන්සේකා මන්ත්රීවරියද සම්බන්ධ වන බව පැවසූ ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව මාලනී ෆොන්සේකා මහත්මියට තිබෙන ආදරය උපේක්ෂා ස්වර්ණමාලිටත් දක්වන බවයි.