රටපුරා බෞද්ධ ජනතාව බියවද්දමින් වාරණ නියෝග ලබාගෙන, පන්සල්වල දායක සභා රැස්වීම්වලට පොලිස් ඔත්තුකරුවන් යොදවා බුද්ධි අංශ මෙහෙයුම් දියත් කරන්නේ රටේ නීතිය බෞද්ධයන් පසුපස හඹායන දඩයමක් බවට පත්කර ගන්නදැයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් විමසා සිටිති.
එසේම ඉකුත් කිහිපයේදී බෞද්ධයන්ගේ හඬ යටපත් කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නියෝග දුන් නිලධාරියා කවුරුන්ද යන්න පවසන ලෙස ද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. අලුත්ගම ප්‍ර‘දේශයේ දී ඉකුත් පොසොන් පොහෝ දින භික්ෂූන් වහන්සේ නමකට පහරදීමේ සිද්ධිය යටපත් කර වසන් කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතන කටයුතු කළ බැවින් ලෝකයට සත්‍ය තොරතුරු නොගිය බවත්, මේ නිසාම මෙරට භික්ෂූන් වහන්සේලාත්,බෞද්ධ ජනතාවත් අන්තවාදීන් ලෙස හංවඩු ගසා ඇති බවත්, කී සෝභිත හිමියෝ වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී එයට අවශ්‍ය මාධ්‍ය අනුබලය හිමිවීමත් බෞද්ධ ප්‍රතිරූපය විනාශවීමත් පිළිබඳව භික්ෂූන් වහන්සේලා සිත්තැවුලෙන් පසුවන බව පවසා සිටිති.