පන්නිපිටිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පන්නිපිටිය බෝධිය ඉවත් කිරීමට මේ වනවිටත් විශාල ජනතා විරෝධයක් මතුව තිබේ. බෝධිය අසල මාර්ගය හරස් කරමින් මාර්ගයේ මේ පිරිස රැඳී සිටින අතර, ඒ හේතුවෙන් හයිලෙවල් මාර්ගය පන්නිපිටියෙන් අවහිර වී තිබේ.
කොළඹ දෙසට පමණක් වාහන ධාවනය සිදුවන අතර, කොළඹ සිට ගමන්ගන්නා වාහන පන්නිපිටියෙන් හරවා පරණ පාරෙන් ගමන් කරවයි. ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර, කැරලි මර්දන පොලීසියද එම ස්ථානයේ රැඳී සිටියි.
තිලක්ඇල්විටිගල / අමිල සංකල්ප