පන්නල, පල්ලම ප්රදේශයේදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් ගත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
අද (08දා) මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර, තුවාලකරු සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පන්නල ප්රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇති අතර සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය සඳහන් කරයි.