ත්‍රිකුණාමලය පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ උපසභාපති මානෙල් කරුණානායක හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ටී. ධර්මකීර්ති යන මහත්වරු ඊයේ (14දා) ත්‍රිකුණාමලයේ පැවැති රැස්වීමකදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට එක්වූහ.
එම රැස්වීම ත්‍රිකුණාමලය ඔෂින් හෝටලයේදී හිටපු අමාත්‍ය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එජාපයේ ත්‍රිකුණාමලය ආසන බලමණ්ඩලය මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා අමරජීව