පතල් කැණීමේ පැය 12 නීතිය ඉවතට
උදෑසන 6.00 සිට ප.ව 6.00 දක්වා පමණක් පතල් කැණීම් සිදුකරන ලෙස ඇති නීතිය ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.
මැණික් ව්‍යාපාරිකයින්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එම නීතිය හේතුවෙන් කර්මාන්තය පවත්වාගෙන යාමේදී දුෂ්කරතා මතුව ඇති බව කර්මාන්තකරුවෝ පෙන්වා දී ඇත. පතල්වල වතුර ඉසීම අලුයම 2.00ට පමණ ආරම්භ කළ යුතුව ඇති අතර, පතල්වල දෝනා කඩාවැටීම් නැවැත්වීමට දිවා රාති‍්‍ර නඩත්තු කටයුතු සිදුකළ යුතු බව ද පෙන්වා දීමෙන් අනතුරුව මේ පිළිබඳ පනවා ඇති නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි.
නීත්‍යානුකූල බලපත්‍ර සහිත මැණික් පතල් කැණීමේ කටයුතුවලදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නොවන පිරිස් පතල් පරිශ්‍රවලට කඩාවැදී බලපත්‍ර පරික්ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීම් හේතුකොටගෙන මතුව ඇති අපහසුතාවය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර, ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේ මැණික් පතල් වැටලීමේදී මැණික් සංස්ථාවේ නිලධාරින් සමග පමණක් අදාළ වැටලීම් සිදුකරන ලෙසයි.
බැකෝ යන්ත්‍ර යොදා මැණික් පතල් කැණීම සීමා කිරීමට, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කරන ස්ථානවලට පමණක් මෙම යන්ත්‍ර යෙදවීමට අවසර ලබාදීමටත්, එහි අධීක්ෂණය මැණික් සංස්ථාව මගින් සිදු කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
දිස්ති‍්‍රක්ක ගණනාවකට බලපෑ ගංවතුර තත්ත්වයට එක් හේතුවක් වූයේ පතල් කැණීම් සහ එම ප්‍රදේශ සංරක්ෂණය නොකිරීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අදාළ දිස්ති‍්‍රක්ක තුළ ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීමට ද අනවසර පතල් කැණීම් එක් හේතුවක් වී ඇති බව කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


