ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ අනන්‍යතාවය විනාශකිරීමට කටයුතු කරනබව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද(01)කිරුළපන පැවති ඒකාබද්ධ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කොටසකගේ උදව් ඇතුව යුද්ධය දිනූ පාර්ශවයෙන් පළිගැනීමයි.
තමන් සමඟ ආණ්ඩු විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී ප්‍රතිපත්තියක් මත එකට පාර්ලිමේන්තුවට පත් වී විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හොරුන් හා මිනීමරුවන් හැටියට හංවඩුගසා පොලිස් විමර්ශන ඒකක, විවිධ කොමිසම් හා උසාවිගානේ ඇදගෙන යාමත් නිහඩව ලබා සිටීමට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට සිදු වී තිබේ.මෙය එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහමුලින්ම විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණයක් බවට ඉතා පැහැදිලිය. ආණ්ඩුවතුළ සිටින සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමන්ට වඩාත් වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂ ප්රමුඛ ආණ්ඩුවද නැතිනම් තමා ආණ්ඩු විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පදනමක් මත ජනතා නියෝජිතයින් හැටියට පාර්ලිමේන්තුවට පත්කර යැවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දදායකයන්ද යන්න තීන්දු කළයුතු කාලය දැන් එළඹ තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාරගැනීමේ දී බොහෝ පාක්ෂිකයින් බලාපොරොත්තු වූයේ එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් ජනාධිපති වූවත්,පක්ෂනායතක්වය භාර ගැනීමෙන් පසු පාක්ෂිකයනුත්, පක්ෂයේප්රතිපත්තියත්, අනන්‍යතාවයත් රකිනු ඇති බවයි. නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නොතිබීම ගැන අපි කණගාටු වෙමු. යනුවෙන්ද පැවසීය.