සීමා නිර්ණය මගින් ඡන්ද කොට්ඨාස වෙන් කිරීමේදී ඒ තුළ අපේක්ෂා කළ යුත්තේ දේශපාලන පක්ෂයක ජයග්‍රහණය නොව පොදු ජන මතය මැතිවරණ ප්‍රතිඵල තුළ නියෝජනය වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකළේය. පළාත් පාලන ආයතන සීමා නිර්ණය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව බත්තරමුල්ලේදී අද (11දා) පැවති අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේය.
කලින් පැවති නිර්ණය කිරීමේ කමිටුව සිය වගකීම් නිසි ලෙස ඉටු කරලා නැහැ කියන එක පිළිබඳව බොහෝදෙනා චෝදනා කළ අතර අද වන විට අභියාචනා 2000 කට වැඩි සංඛ්‍යාවක් ලැබි ඇතිබවත් ජනිධිපතිවරයා ප්‍රකාශකළේය.
සීමා නිර්ණය මගින් ඡන්ද කොට්ඨාස වෙන් කිරීමේදී ඒ තුළ අපේක්ෂා කළ යුත්තේ දේශපාලන පක්ෂයක ජයග්‍රහණය නොව පොදු ජන මතය මැතිවරණ ප්‍රතිඵල තුළ නියෝජනය වීම බවත් එබැවින් පක්ෂවල ජයග්‍රහණය නොව විය යුත්තේ ජනතාවගේ පොදු මතය මැතිවරණයක් තුළ නියෝජනය වීමක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.