ඇතැමුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බෝඩ්ලෑල්ලකටසීමාකීරීමට උත්සාහ කළද කිසිවෙකුට කිසිසේත් එසේකිරීමට නොහැකිබවත් ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය චන්ද්‍රිකා ,මහින්ද හෝ මෛත්‍රීපාල යනජනපතිවරුන්ගේ නොව පාක්ෂිකයන්ගේ බවත් පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
එමෙන්ම පසුගියදා සන්ධාන නායකයන්ට සංවිධානාත්මකව රැස්වීමකදී හූකියමින් අපහාස කරන්නටසැලැස්වීම හෙළාදකින බවත්, එවැනි ක්‍රියා මගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහත හෙළීමට නොහැකිබවත් අමාත්‍යවරයා පැවසුවේ අද (28දා) කොළඹ පැවැති මාධ්‍යහමුවකදීය.