ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට පක්ෂය දෙකඩ කිරීමේ නවතම අධියර පක්ෂ නායකයා වන ජනාධිපතිවරයා සිදුකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකරයි.
ශ්‍රීලනිප සංවිධායකයන් පිරිසක් ඉවත් කර අලුතින් නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් හෙතෙම මේබව පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වන බවත් මේවනවිට පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ද 17 දෙනෙකු නෙරපා හැර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන්කරයි.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය