තමන්ට සිදුවූ අසාධාරණකම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටත් පැවැසූ බවත් ඒ කිසිවෙක් තමන් කියූ දේ ගණන් නොගත් බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී අද (30දා) හඬමින් පැවැසීය.
ගලේවෙල ටී.බී. තෙන්නකෝන් ශාලාවේ පැවැති දඹුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හෙතෙම සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනොල් හා කුඩු කාරයින්ට යටවී තිබෙන බවයි.
‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒ කිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ.‘ යනුවෙන් ඔහු පැවැසීය.
එසේම මෙහිදී ඔහු මිනිත්තුවක් පමණ හඬමින් කතා කළේය.