2010 වසරේදී පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 127 දෙනා එකවර පක්ෂ මූලස්ථානයට කැඳවා මෙතෙක් වැඩසටහනක් පවත්වා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා තමා ගත් උත්සාහයන් අසාර්ථක වූ බවත්, පක්ෂ මූලස්ථානය සමග සබඳතා නැති අයට පක්ෂය හඳුනාගැනීමට නොහැකි බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය. කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පස්වැනි මහලේ ඉදිකළ නව ශ්‍රවණාගාරයේදී අද (22දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ වැඩමුළුවකට එක්වෙමින් සිරිසේන මහතා මෙම අදහස් දැක්වීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.