මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට පිළිගත් දේපාලන පක්ෂ 08 ක් සහ එක් ස්වාධීන පක්ෂයක් ඇප මුදල් තැන්පත් කොට ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශකරයි.
ජනසෙත පෙරමුණ වෙනුවෙන් බත්තරමුල්ලේ සීලරතන හිමි, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය වෙනුවෙන් එම්.බී. තැමිණිමුල්ල, සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිංහ, සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන්ද, රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද, ආචාර්ය නාත් අමරකෝන් එක්සත් ලංකා මහා සභා පක්ෂයෙන්, විමල් ගීගනගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන්ද, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් පල්ලේවත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන හා ස්වාධීනව අයි.එම්. ඉල්යාස් මහත්වරු විසින් ඇප මුදල් තැන්පත් කර ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නන් සඳහා ඇප තැන්පත් කිරීම 05 වැනිදායින් අවසන් වේ.