පක්ෂවල අවශ්‍යතාවලට අනුව මේ වසරේ ජනවාරි 31 වැනිදායින් පසු පක්ෂ දෙකක නාම සහ පක්ෂ 05 ක ලේකම්වරුන් වෙනස් වී තිබෙන බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව දේශප්ර්මී ජාතික පෙරමුණ, 'ශ්‍රී ලංකා ජාතික බලය' ලෙසත්, එක්සත් ලංකා මහා සභා පක්ෂය 'බොදු ජන පෙරමුණ' ලෙසත් නම් වෙනස් වී තිබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ලේකම්වරුන්ගේ නම් වෙනස් වීම අනුව මාවෙයි එස්. සේනාධිරාජා මහතා ලේකම් තනතුර දැරූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව ලේකම්වරයා ලෙස කේ. තුරෙයිරාසසිංගම් මහතා පත්කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා ලේකම් තනතුර දැරූ ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නව ලේකම් ලෙස එන්. සිවසක්ති මහතාත්, කරුණාතිලක දිසානායක මහතා ලේකම් තනතුර දැරූ මහජන එක්සත් පෙරමුණේ නව ලේකම්වරයා ලෙස තිස්ස ජයවර්ධන යාපා මහතාත්, එස්.එස්.එම්. අස්සාම් මහතා ලේකම් තනතුර දැරූ මුස්ලිම් ජාතික සන්ධානයේ නව ලේකම් ලෙස මසිහුදීන් නයිමුල්ලා මහතාත් පත් කර තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. තවද ආචාර්ය උපාලි කරුණාතිලක මහතා ලේකම් ධුරය දැරූ ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නව පක්ෂ ලේකම්වරයා ලෙස සාගර කාරියවසම් මහතා පත්කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.