ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2021 දක්වා වලංගුද එසේත් නැත්නම් 2020 අවසන්වේද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වී තිබේ.
ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය ධුර කාලය අවසන්වීම සම්බන්ධයෙන් මතය විමසා සිටි අතර ඒ පිළිබඳව සළකා බැලිමට අගවිනිදුරු ප්‍රියසාද් ඩෙප් මහතා තම සභාපතිත්ත්වයෙන් යුතු කමිටුවක් පත් කළේය.