නෝවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටොරේ හැටර්ම් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව ඔහු එළැඹෙන 31දා දිවයිිනට පැමිණෙනු ඇති අතර ජුනි 02දා තෙක් දිවයිනේ රැදී සිටිනු ඇත.
ඔහු ශ්රීි ලංකාවේ රැදී සිටින කාලසීමාවේදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විප්ක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරු හමුවීමට නියමිතය.
ටොරේ මහතා 2007-2010 කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ නොවේ තානාපති වශයෙන් කටයුතු කර ඇති අතරම ඔහු ජුනි 01දා යාපනයේ සංචාරය කර ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාද හමුවීමට නියමිතය.