මෙරටට පැමිණ සිටින නෝර්වීජීයානු විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටෝරෝ හට්රෙම් මහතා අද (01දා) යාපනයෙහි නැවත පදිංචි ජනතාව හමුවීමට නියමිතය.
යාපනයෙහි නිදහස් කළ ඉඩම් තුළ පවුල් 1,200 ක් පදිංචි කිරීම සඳහා නොර්වීජියානු ක්‍රෝනර් මිලියන 4.1 ක (ඇමෙරිකානු ඩොලර් 490,000) මුදල් මෙහිදී පරිත්‍යාග කිරීමටද නියමිත අතර, මේහරහා කෝපායි, තෙලිප්පල්ලෙයි කොට්ඨාසවල සිට පැමිණෙන 1,500 ක පමණ පිරිසකට පිහිට සැලසීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසීය.
එමෙන්ම නෝර්වීජීයානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වලාලෙයි සහ පලාලි උතුර ආදර්ශ ගම්මාන වෙත ගොස් එහි ජීවත්වන ජනතාවද මුණගැසීමට නියමිතය.
මෙම සංචාරය සඳහා නෝර්වීජීයානු තනාපති ටෝබියන් ගව්ස්ටැඩ්ස්ටේටර් මහතා ඇතුළු නෝර්වීජියානු දූත පිරිස සහ එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත පීටර් බැචලර් මහතාද සහභාගි වෙති.