විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා හා මෙරට සංචාරයකට පැමිණ සිටින නොර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටොරේ හැට්රම් මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (01දා) කොළඹදි පැවැත්විණ.
නැවත පදිංචි කිරීම් කටයුතු, යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු, වර්තමාන දේශපාලන තත්ත්වය හා දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එහිදි විපක්ෂනායකවරයා හා නොර්වේ රාජ්‍ය ලේකම්වරයා අතර අදහස් හුවමාරු වී තිබේ.
විපක්ෂ නායක කර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී නෝර්වේ සහායෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු වී තිබේ.