නෝර්වීජියානු GSP+ බදු සහනය ඉදිරි වසර තුන සඳහා ශ්රී ලංකාවට ලබාදීමට නෝර්වේ රජය තීරණය කොට ඇතැයි ශ්රී ලංකාවේ නෝර්වේ තානාපතිනී ග්රේට් ලෝචෙම් මහත්මිය පැවසුවාය.
“ශ්රී ලංකාවේ නිෂ්පාදන බොහෝමයක් සඳහා නෝර්වේ වෙළෙඳ පොළ අවස්ථා පවතිනවා. මේ බදු සහනය හේතුවෙන් ඒ සඳහා වඩා හොඳ ප්රවේශයක් හිමිවෙනු ඇති. දීර්ඝ යුද්ධයක් අවසන් කිරීමෙන් අනතුරුව ශ්රී ලංකාවේ ආර්ථිකයේ වේගවත් දියුණුවක් දක්නට ලැබෙනවා. නෝර්වේ GSP+ බදු සහනය හේතුවෙන් එම දියුණුව තව තවත් වේගවත් වනු ඇති.” යනුවෙන් ලෝචෙම් මහත්මිය පැවසුවා.
නෝර්වීජියානු GSP+ බදු සහනය යටතේ ශ්රී ලංකාවේ භාණ්ඩ රැසක් සඳහා තීරුබදු සහන හිමිවේ. ශ්රී ලංකාවේ ප්රමුඛ නිෂ්පාදනයන් වන තේ, සහල් හා ඇඟලුම් නෝර්වේ තුළ නිෂ්පාදනය නොකරන බැවින් ශ්රී ලංකාවට මෙහිදී සුවිශේෂී අවස්ථාවන් හිමිවනු ඇත.
ඉහළ ක්රය ශක්තියක් (මිලදී ගැනීමේ හැකියාවක්) සහිත ජනතාවක් වෙසෙන නෝර්වේ, ලොව වැඩිම ඒකපුද්ගල ආදායම හිමි රටවල් අතුරින් තෙවැනි ස්ථානයේ පසුවන රටකි. නෝර්වීජියානු GSP+ යනු, යුරෝපා සංගමය ලබාදුන් GSP+ බදු සහනය නොවේ.