නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටොරේ හැටර්ම් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ඔහු ජුනි 02දා තෙක් දිවයිනේ රැදී සිටිනු ඇත. ඔහුත් සමග සිව්දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණියහ.
ඔහු ශ්රීි ලංකාවේ රැදී සිටින කාලසීමාවේදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විප්ක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරු හමුවීමට නියමිතය.
ටොරේ මහතා 2007-2010 කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ නොවේ තානාපති වශයෙන් කටයුතු කර ඇති අතරම ඔහු හෙට (01දා) යාපනයේ සංචාරය කර ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාද හමුවීමට නියමිතය.