වායුගෝලයේ පවතින කැළඹිලිකාරී ස්වභාවය සහ අන්තර් මෝසම් සක්‍රිය වීම නිසා මේ වනවිට ඇදහැළෙන වැසි තත්ත්වය නොවැම්බර් මස අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වායුගෝලයේ පවතින කැළඹිලිකාරී ස්වභාවය නිසා සමහර පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවා වැසි ලැබිය හැකි බවත්, එහෙත් කැළඹිලිකාරී තත්ත්වය පහවයාමත් සමග සාමාන්‍ය ලෙස වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා සඳහන් කළේය.
අද (17දා) සවස් කාලයේදී ලංකාව පුරාම වැසි ඇතිවන බවත්, සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවත් ඔහු පවසා සිටියේය.
වැසි සමග තද සුළං තත්ත්වයක් සහ අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.