නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය නැවත වතාවක් ඊයේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ බව 'අද' පුවත්පතට
වාර්තා වෙයි.
බලාගාරය පළමු, දෙවැනි හා තෙවැනි යනුවෙන් කොටස් තුනකින් යුක්ත වන අතර එම කොටස් තුනෙන් දෙවැනි කොටස මෙයට සතියකට පමණ පෙර සිට එහි තලබමනයේ (වාෂ්ප ටර්බයිනයේ) තහඩු (බ්ලේඩ්) කැඩීම නිසා අක්‍රියවී පැවතිණි. බලාගාරයේ තුන්වැනි කොටස පරීක්ෂණ ධාවනයේ යෙදුණු අතර ඊයේ (27දා) සවස්වරුවේදී පළමු හා තෙවැනි කොටස් දෙකම හිටිහැටියේම අක්‍රියවී ගොස් ඇත.
බලාගාරයේ පළමු සහ තෙවැනි කොටස් දෙක කිසිදු සංඥාවක් නොපෙන්වා අක්‍රිය වූ බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.