නොරොච්චෝලේ ගල්අඟුරු බලගාරයේ ඇස්තමේන්තු මුදල වැඩි වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්රිරිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමය තුළදී බවත්, ඇස්තමේන්තු ගණන වැඩිකොට මහා පරිමාණයෙන් ගසාකෑමේ චෝදනාව අදාළ වන්නේද චන්ද්රිරිකා කුමාරතුංග මහත්මියට බැවින් මේ පිළිබඳව ඇය ජනතාවට කරුණු පැහැදිලි කර දියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය මාධය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතු ලිපියක් ඉදිරිපත් කරමින් රාජපක්ෂ මහතා මේ බව ප්රකාශකර තිබේ.