යුද සමයේ ඉන්දියාවට ගිය තවත් ශ්රී ලාංකික සරණාගතයෝ 65 දෙනෙකු යළිත් අද (13දා) දිවයිනට පැමිණියහ.
ඉන්දියාවේ ට්රීචී නුවර සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 132 දරණ ගුවන් යානයෙන් ශ්රී ලාංකික සරණගතයෝ 41 දෙනෙක්ද, ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි යු.එල් 122 දරණ ගුවන් යානයෙන් ශ්රී ලාංකික සරණාගතයෝ 24 ක් ද මෙසේ පැමිණියහ.
මෙම පිරිස අතර පවුල් 32 කට අයත් සාමාජිකයෝ සිටි අතර වැඩි පිරිසක් තරුණ වියේ වුහ. මොවුහු යාපනය, ති්රකුණාමලය, වව්නියාව, මන්නාරම, මඩකලපුව යන ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.