පාකිස්තාන ජාතික මලාලා යුසෆ්සායි ඇතුළු ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් දෙදෙනෙකුට 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්රදානය කොට තිබේ.
තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි පහරින් නොසැලසී දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියා කළ පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි මෙන්ම, ළමා වහල් මෙහෙය සහ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ව්‍යාපාරයක නිරත ඉන්දීය ජාතික කයිලාස් සත්යාර්ති එසේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.
සාම ත්‍යාගය ප්රදානය කරමින්, නොබෙල් කමිටුව ප්‍රකාශ කළේ පාකිස්තානයේ මුස්ලිම් ජාතිකයකු සහ ඉන්දියාවේ හින්දු භක්තිකයකු , අධ්‍යාපනය සහ අන්තවාදයට එරෙහිව පොදු අරගලයක යෙදීම වැදගත් කොට සලකන බවයි.
එමෙන්ම, මලාලා වෙත හිමිවූ නොබෙල් සාම ත්‍යාගය තවත් විශේෂත්වයක් ගන්නේ ඉතාමත්ම අඩු වයසේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේද ඇය නිසාය. මලාලා මේ වනවිට 17 වැනි වියේ පසුවෙයි.
මුස්ලිම් දැරියන් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඇය ගෙන ගිය ව්‍යාපාරයට එරෙහිවූ තලේබාන් තුවක්කුකරුවන් 2012 ඔක්තෝබර් මාසයේදී ඇගේ හිසට වෙඩි තැබුවේ ඇය නිහඬ කිරීමටය. නමුත්, වෛද්‍යවරුන් මලාලා ජීවත් කරවීමට සමත් වූ අතර, දැන් ඇය බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නගරයේ ජීවත් වෙයි.
කයිලාස් සත්යාර්ති මහත්මා ගාන්ධි අනුව යමින් මුදල් සෙවීම වෙනුවෙන් ළමා ශ්‍රමය සූරා කෑමට එරෙහිව විවිධ සාමකාමී විරෝධතාවලට නායකත්වයදී කටයුතු කළ අයෙකු බව පැවසෙයි.
60 වැනි වියෙහි පසුවන කයිලාස් සත්යාර්ති විසින් ආරම්භ කළ 'බච්පන් බචාවෝ ඇන්ඩෝලන්' හෙවත් 'ළමයින් බේරා ගැනීමේ සංවිධානය' , ළමා අයිතීන් රැකගැනීමට සහ නීති විරෝධී ලෙස මිනිසුන් රට පැටවීමේ ජාවාරම නැවැත්වීම් සඳහා කාර්ය භාරයක් ඉටු කරයි.
සාම ත්‍යාගය නිවේදනය කරන විට මලාලා සිටියේ බර්මින්හැම් නගරයේ ඇය අධ්‍යාපනය ලබන පාසල තුළය. පණිවිඩය ලබා දීමට ඇය පන්ති කාමරයෙන් පිටතට ගෙන ගොස් තිබුණි.
“මම නොබෙල් සාම ත්‍යාගයට සුදුසු නැහැ කියා මම නිතරම කිව්වා. මම ඒක තවමත් විශ්වාශ කරනවා. නමුත් මේක මට ලැබුණු සම්මානයක් විතරක් නොවෙයි, මේක මගේ වැඩපිළිවෙළ දිගටම කර ගෙන යාමට ලැබුණු ධෛර්යයක් බව මා විශ්වාස කරනවා” පසුව මාධ්‍යයට කතා කළ මලාලා පැවසුවාය.