නේපාලයට බලපෑ දරුණු භූ කම්පනයෙන් සති තුනක් ගතවීමටත් පෙර තවත් ප්‍රබල භූ කම්පනයකින් නැගෙනහිර නේපාලයේ එවරස්ට් කන්ද ආසන්න ප්‍රදේශය දෙදරා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 7.3ක අගයක් වාර්තාකළ මෙම භූ කම්පනය එවරස්ට් කන්ද ආසන්නයේ, නම්ෂේ බසාර් නගරයට සමීපව සිදුවූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනයෙන් අඩුම තරමින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
බටහිර නේපාලයට බලපෑ රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනය පසුගිය අප්‍රේල් 25 වැනිදා නේපාලයට බලපෑ අතර, ඉන් සිදුවූ ජීවිත හානි 8,000 ඉක්මවීය.