රජයට පවරා ගත් බවට සඳහන් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණා දැමීමට වෙළෙඳ දැන්වීම් පළ කර තිබෙන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම රෝහල රජයට පවරාගෙන නොමැති නම් එය රජයට පවරා ගත් බවට සඳහන් කළ නිලධාරීන් හා එහි නඩත්තුව සඳහා රුපියල් මිලියන 3000 ක් ලබාදුන් පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
වෛද්‍ය සභාවේ නිලවරණය සඳහා නාම යෝජනා භාරදීමට අද (19) පැමිණි අවස්ථාවේ දී හෙතෙම මේ බව සඳහන් කළේය.