ජනාධිපතිවරයා සිටි උත්සවයකදී නෙවිල් ප්‍රනාන්දු රෝහලට අදාළව සෞඛ්‍ය ඇමතිවරයා සහ නෙවිල් ප්‍රනාන්දු මහතා ගිවිසුමක් අත්සන් කළ බවට මාධ්‍ය ඉදිරියේ සිදුකර ඇත්තේ රඟපෑමක් බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
නෙවිල් ප්‍රනාන්දු රෝහලට අදාළව එදින් ගිවිසුමක් අත්සන් කර නැති බවත්,එවැනි ගිවිසුමක් අත්සන් කළේනම් එය රටට පෙන්වන්නැයි රජයට අභියෝග කර සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
ගිවිසුමක් අත්සන් කරන මුවාවෙන් මාධ්‍යවලට පෙනෙන ආකාරයෙන් සෞඛ්‍ය ඇමතිවරයා සහ නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රතිපත්ති ලේඛනයක්හුවමාරු කරගෙන තිබෙන බවත්,මේ දක්වා බදු ගිවිසුමක් හෝ රජයට පවරා ගැනීමක් සිදුකර නැති බවත් හෙතෙම පවසා සිටියේය.
පෞද්ගලික රෝහලක් රජයට පවරා ගන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් තිබිය යුතු බවත්, මීට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ සීදුව විජකුමාරතුංග අනුස්මරණ රෝහල පාර්ලිමේන්තුවේ සම්මත කළ පනත් මගින් පිහිටුවා තිබෙන බවත් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේය.