නොරොච්චෝලේ තාපබලාගාරයෙන් හොරෙන් රැගෙන යමින් තිබූ බව කියන රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා යකඩ තොගයක් සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලීසිය අද ( 6දා ) සමත්වී තිබේ.
පොලිස් නිලධාරීන් පිරිසක් පනිඅඩිය ප්රදේශයේ දි වාහන සෝදිසි කරමින් සිටිය දි අතුරැ මාර්ගයකින් අධික වේගයකින් ලොරියක් ප්රධාන මාර්ගයට ඇතුළු කරන විට ඇතිවූ සැකයෙන් පසුව ලොරියට නතරකිරීමට නියෝග කර ඇත. මඳ දුරක් ගිය ලොරිය නවතා එහි සිටි තිදෙනෙක් පලා ගියත් පොලීසිය ලුහුබැඳ ගොස් ඔවුන් අත්අඩංගුවටගෙන ඇත.
සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීමේදී ලොරියේ තිබූ යකඩ, බලාගාරයේ බව පිළිගෙන ඇත. එහි යකඩ කිලෝ 7000 ට අධික ප්රමාණයක් තිබි ඇත.
හලාවත සුපුන් හංසන