නුවරඑළිය දිස්ත්‍රික් රෝහල නවීකරණය කිරීමේ කටයුතු පෙරේදා (20දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා අදාළ ඉංජිනේරුවන් සමග කතාබහක නිරත වෙමින් ඉදිකිරීම් කටයුතු පිළිබඳ විමසීය.
දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමාකරන ලෙසද ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
පා.ම. සී.බී රත්නායක, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ, රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.