නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය එජාපයට
කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධා ක්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට ගත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය හිමිව තිබූ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.
කඳුරට ජනතා පෙරමුණෙන් මන්ත්‍රීවරු හත් දෙනෙක්ද, කම්කරු ජාතික පෙරමුණෙන් මන්ත්‍රීවරු හතර දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක්ද, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්. සදාසිවම් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු එක්සත් පෙරමුණෙන් මන්ත්‍රීවරු හතර දෙනෙක් හා එක් ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් නුවරඑළිය ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරු විසිඑක් දෙනෙකුගෙන් සමන්විත සමන්විත විය.
මෙහි සභාපතිධුරය කඳුරට ජනතා පෙරමුණේ එස්. සදාසිවම් මහතා දරනු ලැබීය. කඳුරට ජනතා පෙරමුණේ හා කම්කරු ජාතික පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රීවරු තිදෙනෙක් ඔවුන් සිටි පක්ෂවලින් ඉවත්වී ලංකා කම්කරු කොංග්‍රසයට එක් වූහ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සන්ධාන නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේපවීම හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් කිසිදු අපේක්ෂකයකුට ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වීමට නොහැකි විය.
මේ අනුව එක්සත් ජාතික පක්යට මන්ත්‍රීවරු දහඅට දෙනෙකු සහ සන්ධානයට මන්ත්‍රීවරු තිදෙනෙකු වශයෙන් අද සිට නුවරඑළිය ප්‍රාදේශීය සභාව කි‍්‍රයාත්මක වන බව එහි සභාපතිවරයා පැවසීය.
ඉන්දික හේවාවිතාරණ/ හැටන් රංජිත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

