අනුරාධපුර නුවර වැවෙහි ප්රතිසංස්කරණ කටයුතු ඉබිගමනින් සිදුකිරීම හේතුවෙන් අධික වර්ෂාව සමග බැම්ම පාංශු ඛාදනයට ලක්වී බැම්ම කැඩී ගොස් විශාල හානියක් සිදුවීමේ දැඩි අවදානමක් ඇති බව නගරවාසීහු පවසති.
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග නුවරවැවෙහි වැව් බැම්ම දැඩි ඛාදනයට ලක්වී පස් කුට්ටි විශාල වශයෙන් කඩා වැටී බැම්මේ කුහර සෑදි ඇති බවද ඔවුහු පවසති.
වසරකට වැඩි කාලයක සිට වැව් බැම්මට කළුගල් යොදා ආරක්ෂිත ගල් වැටියක් ඉදිකිරීම සිදු කෙරුණත් තවමත් එහි කටයුතු අවසන් කර දැමීමට අදාළ කොන්ත්රාත් සමාගම් අපොහොසත් වී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.