නුවර එළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4යි
අද (08දා) පෙ.ව. 8.30ට අවසන් වූ පැය 24ක කාලය තුළ නුවර එළියට සෙල්සියස් අංශක 4ක අවම උෂ්ණ්ත්වයක් වාර්තා වී තිබේ.
තවද ඊයේ (07දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ අවම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 4.7 ද නුවර එළියෙන්ම වාර්තා විය.
මේ අතර මෑතකාලීනව අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 3.6ක අගයක් ලෙස පෙරේදා (06දා) වාර්තා විය.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකමට උෂ්ණත්වය සැලකිය යුතු අගයකින් පහළ ගොස් තිබුණි. බදුල්ල, කටුගස්තොට, නුවරඑළිය හා රත්නපුර ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින්, යාපනය, කටුනායක, මහඉලුප්පල්ලම, ත්‍රිකුණාමලය ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 03කින්, අනුරාධපුර, මඩකලපුව, කොළඹ, හම්බන්තොට, පුත්තලම, රත්මලාන හා වව්නියාව ආදී ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 02කින්ද පහළ ගොස් තිබේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 32 ගාල්ලෙන් වාර්තා වී ඇත.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උදෑසන හා සවස සීත කාලගුණ තත්ත්වයන් තවදුරටත් අපේක්ෂා කරන බවත් නුවරඑළියේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බවත්ය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


