නීතිවිරෝධී ආකාරයට කසළ බැහැර කරන්නන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලීසියට උපදෙස් ලබාදුන් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ පයිසර් මුස්තාපාමහතා පැවසීය.
පරිසරයේ පවිත්‍රතාව රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත්, ඒ වගකීම පැහැරහැරීමට කටයුතු කිරීම පරිසරයට සහ සමාජයට කරන ද්‍රෝහිකමක් බවත් ඔහු පවසා සිටියේය. නිසිලෙස කසළ බැහැර නොකිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති අතර,එය පොදු ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා නිසි ලෙස කැළිකසළ බැහැර නොකරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට නීති මගින් කටයුතු කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදුන් බවද ඔහු කියා සිටියේය.