වත්මන් රජය බලයට පත්වීමත් සමඟ මුහුදු මඟින් නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුල් වීමට උත්සාහ කල මෙරට සංක්‍රමණිකයන්ගේ එම ගමන වළක්වාලීමට ලක් රජය කටයුතු කල ආකාරය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රසාදය හිමිවන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් රාජ්‍යය වෙනුවෙන් වන ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ පැවති විශේෂ හමුවකදී අමාත්‍යවරයා සඳහන් කලේ නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සැළකිය යුතු මෙහෙයක් සිදුකරන බවයි. ඉදිරියේදී මෙරට මුහුදු සීමාවන් මඟින් සිදුවන නීති විරෝධී කටයුතු මුළුමනින්ම පාලනය කරන බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා රජයට ලබාදෙන සහාය අගය කරන බව සඳහන් කළේය. ඉදිරි කාලය තුල තවදුරටත් ඕස්ට්‍රේලියාව සමඟ සබඳතා ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා වෙත සමරු සිහිවටනයක් ද පිළිගැන්වීය.