නීතිවිරෝධී මත්පැන්වලින් ජනතාව බේරා ගැනීමට නම් කිතුල් රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් සහ නීතිමය ප්‍රතිපාදන ලබාගැනීමේ අවස්ථාව වැඩි කළ යුතු බව කම්කරු සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
‘‘කලකට ඉහත දී මේ නීති විරෝධී මත්පැන් තිබුණේ නෑ. දැන් වතුකරේ ගෑනු පිරිමි සේරම නීති විරෝධී මත්පැන් පානයට යොමුව තිබෙනවා. වැඩ කරන මිනිස්සු ඇඟපත අමාරුවට බොන එක නතර කරන්න අපට බෑ.
නීති විරෝධී මත්පැන් නතර කරන්න නම් රජයේ මත්පැන් මිල අඩු කරන්න ඕනෑ. මම මේ කතාව මීට පෙරත් කිව්වා. රජයේ මත්පැන් මිල විතරක් නෙවෙයි රා නිපදවීමට ඇති අවස්ථාව වැඩි කළ යුතුයි. ආණ්ඩුවේ කැලේ තියන කිතුල් මදිනව නම් ඒ අය අත්අඩංගුවට නොගෙන බලපත්‍රයක් දෙන විදියේ ක්‍රියා පිළිවෙතක් සකසන්න" යැයි ද පවසා සිටියේය.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ ජේ. නානායක්කාර