නීතිය ක්‍රියාත්මක කිරීම තුළින්ම පමණක් අල්ලස, දූෂණය තුරන් කළ නොහැකි නිසා රට තුළ අල්ලස්, දූෂණය නිවාරණය කිරීමට අදාළ දැනුවත් කිරීම් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා සඳහන් කළේය.
දෙසැම්බර් 09 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවද ඒ මහතා පවසා සිටියේය.
එදිනම අල්ලස් හෝ දූෂණ පිළිබඳව දැනුම දිය හැකි ෆේස්බුක් පිටුවක් එළිදැක්වීමටත් සැලසුම් කර තිබේ.