නීතිපතිවරයාගෙන් මෝසමක්
පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගයෙන් පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමට සහ ජනතාවගේ සර්වජන ඡන්ද බලයට හානියක් වන බැවින් නිකුත් කරන ලද එම අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා මෝසමක් මගින් ඊයේ (27දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මෙය හදිසි කඩිනම් කටයුත්තක් වන බැවින් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෙම මෝසම ලබන (30දා) කැඳවන ලෙසද නීතිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 06ක ඡන්දදායකයන් පිරිසක් විසින් පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ එම අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පද්මසිරි යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇත.
එම පෙත්සම සළකා බැලූ අධිකරණය ලබන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා බලපැවැත්වන අන්දමට අතුරු නියෝගයක් නිකුත් කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


