නීතිවේදීන් සමග අදහස් හුවමාරු කරගනිමින් නව නීතිපතිවරයා පත්කිරීම සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසිය.
පසුගිය කාලයේ සම්ප්‍රදායන් බිඳමින් කටයුතු කළ බවත් දැන් සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කතා කරන බවත් පැවසු හෙතෙම තමන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගද මේ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවද පැවසීය.
නීතිපති ධුරය සඳහා පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත්, එහෙත් සුදුසුකම් අඩු පුද්ගලයෙකුට නීතිපති ධුරය ලබාදීමේ සූදානමක් ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන ලද්දේ පසුගිය රජය සමයේ ශ්‍රේෂ්ඨාධිකරණ විසිසුරුවරුන් සිටියදී මොහාන් පීරිස් මහතා ගෙනත් පත් කළ බවත් එසේ තිබියදී මෙලෙස ප්‍රශ්න කිරීමට ලැජ්ජා විය යුතු බවත්ය.