පෞද්ගලිකව නීතිඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සඳහා ලබා දී තිබූ නිර්දේශය නීතිය හමුවේ බල රහිත බව අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය පෙබරවාරි 23 වැනිදා රැස්වී මෙම තීරණය ගෙන ඇති බවත්, ඒ අනුව එම තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස සෘජුව පත් කිරීමේදී අනුගමනය කරනු ලැබූ වැරදි ක්‍රමවේදය, නීතිඥ සංගමයේ නිල නාමය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා සඳහා ව්‍යාජ ලෙස යොදාගැනීම, කිසිදු නිශ්චිත ක්‍රමවේදයකින් තොරව කරනු ලැබූ එම පත්වීම හේතු කොටගෙන දේශපාලන හිතවත්කම් මත හෝ වෙනත් අවශ්‍යතා මත විනිශ්චයකාරවරුන් පත්කිරීම සඳහා දොරගුලු විවෘත වීම යන කරුණු පෙන්වාදීමෙන් අනතුරුව රාමනාදන් කන්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ මුල සිටම බලරහිත සහ අවලංගු පත්වීමක් ලෙස අධිකරණ සේවා සංගමය විසින් තීරණය කොට ඇතැයි වාර්තා වේ.
කන්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ මුල සිටම බලරහිත සහ අවලංගු පත්වීමක් ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය ජනාධිපතිවරයාට දැනුම්දෙමින් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස සේවය කිරීම නීත්‍යනුකූල නොවන බවද දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කන්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ මුල සිටම බලරහිත සහ අවලංගු පත්වීමක් ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය සැලකිල්ලට ගත් අධිකරණ සේවා සංගමය, ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස කළ පත්කිරීම මුල සිටම නීත්‍යනුකූල නොවන සහ බලරහිත පත්වීමක් ලෙස සලකා රාමනාදන් කන්නන් මහතා පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් තැබූ අධිකාරී පත්‍රය ආපසු කැඳවා එම මහාධිකරණ විනිශ්චයකාරවරයා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කොට ඇත.