බලපත්ර රහිතව හරකුන් පටවාගෙන ගිය බවට පැවසෙන දෙදෙනෙකු සමග එම හරකුන් පටවාගෙන පැමිණි ලොරිය ඊයේ (05දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මඩකලපුව දිස්ත්රික් දූෂණ වංචා මර්දන අංශය පැවසීය.
රිදීතැන්න ප්රදේශයේ සිට කාත්තාන්කුඩියට බලපත්ර රහිතව හරකුන් ප්රවාහනය කළ බවට පැවසෙන දෙදෙනෙකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, හරකුන් හා ලොරිරථය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට තියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්රික් දූෂණ වංචා මර්දන අංශය පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව - ජවුෆර්කාන්