නීතිවිරෝධී ශ්‍රී ලංකා සංක්‍රමණකයින් 131ක් රැගත් යාත්‍රාවක් මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් තිබූ යාත්‍රාවක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත් පිරිස අතර පිරිමින් 98ක්, කාන්තාවන් 24ක්, පිරිමි ළමුන් 4ක්, ගැහැණු ළමුන් 5ක් මෙයේ අත්අඩංගුවට පත්ව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති මැලේසියානුව රාජකීය පොලීසියේ ප්‍රධානී ෆුසී හරුන් පවසා ඇත්තේ මෙම මිනිස් ජාවාරම 2017 වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව හා ඉන්දුනීසාය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවයි.