ගුවන් මගීන් සිවුදෙනෙකු තම සිරුරේ සඟවාගෙන රත්තරන් තොගයක් නීතිවිරෝධීව ඉන්දියාවේ නගර තුනක් කරා ගෙනයාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ඊයේ (20දා) දහවල් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් සිවුදෙනාගෙන් එක් අයෙකු ඉන්දීය ජාතික ගුවන් මගියෙකු වන අතර, ඉතිරි තිදෙනා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ය. ඔවුන් අවුරුදු 20,23,24 සහ 38 යන වයස් වල පුද්ගලයන් බව රේගුව පවසයි .
ඔවුන්ගේ සිරුරුවල රත්තරන් ග්‍රෑම් 387.8ක් තිබී රේගුව විසින් සොයාගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් 21,33,000 ක් බව රේගුව පවසයි .
මොවුන් ඊයේ දින දහවල් 12.30ට පමණ ඉන්දියාවේ කොයිම්බතූර්, ට්‍රිචි සහ මදුරෙයි වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනකින් පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.