නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට තුළ කිසිදු ඉඩක් නොමැති බවත්, ශ්‍රී ලංකා රේගුව, පොලීසිය මෙන් ම මුදල් අමාත්‍යාංශයේ නව වැටලීම් ඒකකය ද ඉතාම කැපවීමෙන් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (15දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය
එහිදී, ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා සියලු අංශ එක්වීමේ අවශ්‍යතාව වැදගත් බවත්, අවශ්‍ය වන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හඳුනාගැනීම මිස එය සොයා ගත්තේ කුමන පාර්ශ්වයද යන වග නොවන බවද පවසයි.
එමෙන්ම, විපක්ෂයට සම්බන්ධ ඇතැම් වෙබ් අඩවි කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයගැනීම පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.