නීති විරෝධී අවි කම්හලක් වටලයි - රිවෝල්වර් 18ක් හා සැකකරුවෝ අත්අඩංගුවට
කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හා එහි නිෂ්පාදනය කරන ලද අවි ලබාගෙන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 7දෙනෙකු රත්නපුර, රක්වාන, නවගමුව, හැංවැල්ල පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම අවි නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා රක්වාන පොලිස් වසමේ මාදම්පේ අටකලම්පන්න, ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 2ක්, අර්ධ ලෙස නිමවා තිබූ රිවෝල්වර් 2ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බ 1ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 5ක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නාලද යකඩ විදින යන්ත්ර 1ක් ඇතුළු උඵකරණ අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම, සෙසු සැකකරුවන් 7 දෙනා සන්තකයේ තිබී පිළිවෙළින් පහත අවි ආයුධ සොයා ගෙන තිබේ.
1. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 3 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 6 යි. 7.62 උණ්ඩ 6යි.
2. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 2 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 8 යි.
3. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 4 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 6 යි. කමාන්ඩෝ පිහි 1 යි.
4. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 1 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 2 යි.
5. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 1 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 4 යි.
6. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 2 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 4 යි.
7. මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 1 යි. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 3 යි.
අත්අඩංගුවට ගන්නා ලද මෙරට නිෂ්පාදිත මුළු රිවෝල්වර් ගණන 18 කි.
කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂණ බන්දුල ප්රනාන්දු සහ එම ඒකකයේ පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක වීරසිංහ, පොලිස් සැරයන් 17667 ජයන්ත, පොලිස් සැරයන් 26019 දයාසේන, පොලිස් සැරයන් 55202 වීරසේන, පොලිස් කොස්තාපල් 65063 විතාන, පොලිස් කොස්තාපල් 50880 මුණසිංහ, පොලිස් කොස්තාපල් 74503 සමීර, පොලිස් කොස්තාපල් 89464 ගමගේ, පොලිස් කොස්තාපල් 968 නලින්ද කාන්තා පොලිස් කොස්තාපල් 2678 දිලුකා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දොඩන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, අද (05දා) ඔවුන් කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

