කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පුද්ගලික සමාගම (සී.එස්.එන්) පිහිටුවීමට මුදල් උපයාගත් ආකාරය තහවුරු කර ගත නොහැකි වීමෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් කොට ඇතැයි කියමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සැකපිට රිමාන්ඩ්භාරයට පත්කොට සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාද අද (18දා) කොළඔ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළේය.
තමන්ට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ලබා දුන් තීන්දුව ඉවත දමා තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලමින් නිශාන්ත රණතුංග මහතා වෙනුවෙන් පෝල් රත්නායක නීතීඥ සමාගම විසින්මෙම ඇප ඇයදුම ඉදිරිපත් කොට තිබුණි.
මෙම සිද්ධියට අදාළවම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා සහ සී.එස්.එන් නාළිකාවේ අධ්යක්ෂ රොහාන් වැලිවිට, වෛද්‍ය අශාන් රවිනාත් ප්රනාන්දුසහ සචිත්ර කවිශාන් දිසානායක යන මහත්වරුන්ද ඇප ඇයදුම්පත් ඉදිරිපත් කොට තිබිණි.