ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව වනජීවීන් පිළිබඳ රියදුරන් දැනුවත් කිරීමේ පුවරු ස්ථාපිත කිරීමට ඉඩ ලබානොදෙන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සඳහන් කරයි.
රියදුරන් දැනුවත් කිරීම සඳහා සද්භාවයෙන් යම්යම් සමාගම් දැනුවත් කිරීමට පුවරු සවිකරන බවද නියෝජ්‍ය අමාත්‍ය සුමේධා පී. ජයසේන මහත්මිය සඳහන් කළාය.
එහෙත් බොහෝ අවස්ථාවල නිවැරදි ස්ථානවල පුවරු සවිකිරීම සිදුනොවන බවත්, මේ නිසා ගැටලු ගණනාවක් ඇති වෙමින් තිබෙන බවද ඇය පැවසුවාය. මේ නිසා අදාළ පුවරු ස්ථාපිත කිරීම මෙම ආයතනවලින් අවසර ලබාගත යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.