අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 22 ක නිවාස 4500 කට හානි සිදුව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනයට අනුව මැයි මස සිදුවූ නායයාම් හා ගංවතුර හේතුවෙන් නිවාස 500 ක් පූර්ණ වශයෙන් හානියට පත්වී ඇති අතර, නිවාස 4000 ක් අර්ධ වශයෙන් හානියට පත්වී තිබේ.
මෙම නිවාස නැවත ප්‍රතිසංස්කරණයට යෝග්‍ය වැඩසටහනක් සැලසුම් කිරීමට අමත්‍ය මණ්ඩලය, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරීමට තීරණය කර තිබේ.
ෂෙහානි දිල්රුක්ෂිකා