ලබන වසරේදී අඩු ආදායම් ලාභීන්ට නිවාස 160,000 ක් ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 48,000 ක් වෙන්කර තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ වසර තුළදී නිවාස 60,000 ක් ඉදිකර තිබෙන බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ 40,000 ක් වෙන්කර තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව නිවාස 50,000 ක් ඉදිකිරීමට දින 100 ආණ්ඩු යෝජනාවකට අනුව මේ වන විට නිවාස 35,000කට අධික ප්‍රමාණයක් ඉදිකර අවසන් බවත්, ඉතිරි නිවාස ලබන වසර තුළදී ඉදිකර අවසන් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව සම්පත් සෙවණ, උදාකළ ගම්මාන වැඩසටහන සෙවන අරමුදල හරහාත් මේ වසර තුළ නිවාස ඉදිකර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.